2024 මැයි 07, ප.ව. 4:10
කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ රට ගොඩනඟන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමේ භික්ෂු කතිකාව පසුගියදා නිමාවට පත්වුණා.
ඒ කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදීය.
කාර්මික සංවර්ධන මණ්ඩල සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක, ගරු පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති පූජ්‍ය මහාචාර්ය එළමල්දෙණියේ සාරානන්ද නාහිමි, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ආචාර්ය මඩිහේ සුගත සිරි නාහිමි ඇතුළු විචිත්‍ර ධර්ම කථික සංඝයා වහන්සේලා හැට නමකගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යවසායකත්ව භික්ෂු කතිකාව පැවැත්වුණා.
මෙම අවස්ථාවට සහභාගි වූ විචිත්‍ර ධර්ම කථික ගරුතර මහා සංඝයා වහන්සේලා කීප නමක්ද අදහස් දැක්වූ අතර, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ව්‍යවසායක සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එස්. සමරකෝන්, ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ රේණුකා ජයලත්, අධ්‍යක්ෂ පී.පී.එස් දික්වැල්ල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියා.
2025 ජූනි 03, පෙ.ව. 10:55
2025 ජූනි 03, පෙ.ව. 10:53
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:10
2025 ජූනි 03, පෙ.ව. 12:09