hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 15, පෙ.ව. 11:06



මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ආරාමයක සිටියදී එයින් පලායෑමෙන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු අවුරුදු 07ක් සහ 08ක් වූ ගැහැණු දරුවන් තිදෙනකුව මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක තාවකාලිකව රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු 11 වැනිදා පස්වරුවේදී නියම කළා.

ආරාමයේ මෙහෙණින් වහන්සේගෙන් හිරිහැර කරදර වන බව පවසා මෙම දැරියන් තිදෙනා ඔවුනට අයත්  ඇදුම්, පාසල් පොත් සහ උපකරණ බෑගයක දමාගෙන ආරාමය ආසන්නයේ පිහිටි නිවෙසකට ගොස් ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන යන ලෙස ඉල්ලා ඇති බව පොලිසිය පවසනවා.

ඉන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු දරුවන් තිදෙනාව පොලිසිය මඟින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත 11 වැනිදා  ඉදිරිපත් කර තිබෙනවා.

දැරියන් තිදෙනාව පරීක්ෂා කර ඇති ගම්පහ දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රවින්ද්‍ර ජී. උඩුගමගේ දැරියන් තිදෙනාගේ සිරුරේ සීරිම් හෝ තැළීම්  තුවාලයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවක් ලබාදී ඇති බවට දැරියන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි  උප.පො.ප. එම්.කේ.රමනි නිලධාරිනිය අධිකරණය හමුවේ පැවැසුවා.

එසේම දැරියන් තිදෙනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරිවාස වාර්තාවක් එළැඹෙන 24 වැනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පරිවාස නිලධාරි වෙත අධිකරණයෙන් නියම කෙරුණා.

මෙම දැරියන් තිදෙනා මිනුවන්ගොඩ, කෑගල්ල සහ නිකවැරටිය යන ප්‍රදේශවල ස්ථීර පදිංචිකරුවන් බව අධිකරණයේදී සඳහන් වුණා.

දැරියන් තිදෙනාගේම පියා  ඔවුන්ව අතහැර ගොස් ඇති බවත් මවුවරු දෙදෙනකු විදේශගතව රැකියාව කරන අතර එක් මවක් රෝගී තත්ත්වයෙන් පසුවන බවත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන්.