hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 මැයි 16, ප.ව. 4:55



අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (16) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව සඳහන් කළා.

අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියේ පසු වූවා.

උන්වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහළ ප්‍රදේශයේ වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහතාට දාව උපත ලැබුවා.

අනතුරුව වර්ෂ 1950 නොවැම්බර් 25දී කුඩාවැල්ල, වාළුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යාවිශාරද පණ්ඩිත, මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාළුකාරාමාධිපති, මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වුණා.

මූලික අධ්‍යයනය මාතර වීරබා පිරිවෙණෙන් හැදෑරු උන්වහන්සේ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙණ හරහා උසස් අධ්‍යාපනය හැදෑරුවා.