2023 දෙසැම්‍බර් 20, ප.ව. 5:43
බුවනෙකබාහු රජු සමයේ ඉදිකළ රාජසභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අය කර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.
එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තා වෙනවා.
ඒ රාජසභා මණ්ඩපය කඩාදැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින්.
ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු සඳහා පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු පුවත්පතකට පවසා තිබෙනවා.
මුදල් ලබාගැනීම සඳහා සභා අනුමැතියද ලබාගෙන තිබෙන බවද එම නිලධාරීයා සඳහන් කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදුවන බවද එම නිලධාරියා ප්‍රකාශ කළා.
හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස මේ වනවිට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් භාරදීම ගැටලුවක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21