hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 26, ප.ව. 1:25



එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම පිළිබඳ වාර්තාවේ (TIP) අඛණ්ඩව තෙවැනි වසරටත් දෙවන මට්ටම අත්කර ගනිමින් ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්ව ඇත.

මෙම කැපී පෙනෙන ජයග්‍රහණය මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ එහි ගොදුරු වූවන් ආරක්ෂා කිරීමට අප රට දරන අඛණ්ඩ උත්සාහයේ ප්‍රථිපල තවතවත් අවධාරණය කරයි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න නීතිවිරෝධී මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන අඛණ්ඩ සටනේ ප්‍රගතිය සහතික කරමින් අත්‍යවශ්‍ය මෙන්ම උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් මඟ පෙන්වීමක් ලබා දී ඇත.