hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2025 අප්‍රේල් 09, ප.ව. 4:39



‍රටේ ජනාධිපති ධූරය තමා හට මාස 06කට ලබාදෙන ලෙස ඉල්ලමින් මහරගම හිටපු නගරාධිපති ටිරාජ් ගල්කන්ද අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනාධිපති ධූරය භාරගැනීමට තමන් සූදානම් බවත් ඒ පිළිබඳව දැනුවත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් භාරදෙන බවයි.

වත්මන් ආණ්ඩුව ගෙන යන පාලනය දිනෙන් දින අසාර්ථක වන බැවින් ජනාධිපති ධූරය තමන් හට ලබා දෙන්නේ නම් මෙරට ඇති වී තිබෙන ගැටලු විසඳා ශ්‍රී ලංකාව පළමු ලෝකයේ රටක් බවට පත් කරන බවද ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාජ් ගල්කන්ද :

“ අපි අද ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ තරුණ නායකයෙක් විදිහට. මම මහරගම හිටපු නගරාධිපති, ටිරාජ් ගල්කන්ද. තරුණ නායකයෙක් විදිහට අපිට දැක්මක් තියෙනවා මේ රට සම්බන්ධයෙන්. මේ රට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට විනාශ කරපු පාලකයෝ හිටියා. ඒවගේම වර්තමාන පාලනයත් අපට පෙනී යනවා දවසින් දවස අසාර්ථක වෙනවා.තරුණ නායකයෙක් විදිහට ලංකා ජනතා පක්ෂය නියෝජනය කරමින් අපේ පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදිනවා. නායකයෙක් විදිහට ලිපියක් බාර දෙන්නයි ආවෙ අපිට වැඩපිළිවෙළක් තියෙනවා. මාස හයකදී මේ රට යම්කිසි මේ තිබෙන ප්‍රශ්නවලින් මුදවල ඉවරවෙලා වසර තිහකදී පළමුලෝකය රටක් බවට පත් කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට පැමිණිල්ලක් කරලා එහෙම නැත්නම් එතුමාට මේ සම්බන්ධව ප්‍රකාශ කරලා ඉවරවෙලා රටේ ජනාධිපති ධුරය අපට මාස 06කට ලබා දෙනවානම් මේ තියෙන ප්‍රශ්න වලින් රටක් විදිහට අපිට මුදවා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා මේ නිසා තමයි ලිපියක් භාරදීලා ඉවර වෙලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි යම්කිසි ඉල්ලීමක් කරන්න ආවේ. අපිට අවස්ථාවක් දෙන්න. අපි මේ රටට යම්කිසි සේවයක් කරපු අය.

පාලම් 620ක් , කානු පාලම් බෝක්කූ 650ක්, ලංකාවේ හොඳම නගර සභාව බවට පත්කරල තමයි අද අපිට මේ ආකාරයෙන් ඉල්ලන්න නෛතිකම සදාචාරාත්මක අයිතියක් තියෙනවා.ඉතින් අපි ඉල්ලා සිටිනවා රටේ ජනාධිපති ධූරය අපට ලබා දෙන්නේ නම් මේ ප්‍රශ්නවලින්් මුදවලා මේ රට පළමු ලෝකයේ රටක් බවට පත් කරනවා. ජනාධිපති ධූරය භාරගන්න මම සූදානම්.. දෙනවද නොදෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අනුරලගේ පාලනය දිනෙන් දින අසාර්ථක වන ස්වභාවයක් අපි දකිනවා. එතුමා සහ එතුමාගේ පාලනය අසාර්ථක වෙනවා කියලා කියන්නේ රටේ සමස්ත ජනතාව සහ රට කඩා වැටෙනවා. දෙනවද නොදෙනවද කියන එක එතුමාගේ කැමැත්තක් ඉල්ලීම අපේ අයිතියක්. අපිට භාර දෙන්න අපි කරලා පෙන්නන්නම්”