2023 ජූලි 01, ප.ව. 6:39
රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සභාපතිත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (01) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබ ඇති.
ඒ අනුව සිසිර ජයකොඩි, සීතා අරඹේපොළ, බුද්ධික පතිරණ, ගයාෂාන් නවනන්ද, තුෂාර ඉඳුනිල් අමරසේන, උපුල් ගලප්පත්ති, සුදර්ශන දෙනිපිටිය, අසංක නවරත්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, තවරාජා කලෙයි අරසන්, මංජුලා දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර තිබෙනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56