hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 26, ප.ව. 7:40



විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ප්‍රංශය හා තවත් රටවල් රැසක සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතු වරෙන්තු පවා ලබාගෙන ඇති බව ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළා.

දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සැඟවී සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට එම රටවල් සමඟ සාකච්ජා සිදු කෙරෙමින් පවතින නමුත් ඒ රටවල පවතින නීතිමය තත්ත්වයන් සමඟ අදාළ කටයුතුවලට යම් කාලයක් වැය වන බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළා.

Example Image