2026 ජනවාරි 06, පෙ.ව. 12:11
ආන්දෝලනාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය පිළිබදව ඇති කොටස පිළිබදව තමන් මාසයක පමණ කාලයක් තිස්සේ දැනගෙන සිටි බව ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් වන තිස්ස ජනනායක මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ එය තමන් හෙළිදරව් කළහොත් දේශපාලන ප්‍රශ්නයක් තමන්ට ඇතිවේයැයි සැකයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකර සිටි බවයි.
අදාළ වෙබ අඩවිය අත්වැරැද්දක් මගින් විෂය නිර්දේශයට ඇතුළත්ව ඇති බවට තමන් විශ්වාස නොකරන බවත්, මෙය ඇතුළත් කිරීමට කටයුතු කළ පුද්ගලයාට වෙනම ප්‍රතිලාභ රැසක් අත්වන බවත් තිස්ස ජනනායක මහතා පවසනවා.
අදාළ වෙබ් අඩවියේ නම මේ වන විටත් මාධ්‍ය මගින් විශාල වශයෙන් ප්‍රසිද්ධීයට පත්කර ඇති නිසා එය ඇතුළත් කිරීමේ අරමුණු මේ වන විටත් ඉටුවී ඇති බව තිස්ස ජනනායක මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
තිස්ස ජනනායක මහතා මීට පෙර MCC ගිවිසුම හරහා රට දෙකඩ වන බව සිතියම් මගින් ඔහුගේ උපකාරක පන්තිය තුළ දරුවන්ට පැහැදිලි කර දීම නිසාවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව විවේචනයට ලක්වූවා.
මීට අමතරව දොස්තර ෂාෆි ෂිහාබ්දීන්ගේ සිදුවීම පැවති දිනයන්හීදී තිස්ස ජනනායක මහතා ද කාන්තාවන් වඳකිරීම සම්බන්ධයෙන් පලකළ නිවැරදි නොවන කරුණු නිසාවෙන්ද වැඩි අවධානයක් දිනාගනු ලැබූවා.
2026 ජනවාරි 07, ප.ව. 2:18
2026 ජනවාරි 07, පෙ.ව. 10:29
2026 ජනවාරි 07, පෙ.ව. 8:36
2026 ජනවාරි 07, පෙ.ව. 8:27
2026 ජනවාරි 07, පෙ.ව. 12:30
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26