hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 19, පෙ.ව. 12:01



රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා ⁣නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටිනවා.

ඒ අනුව, ලබන සඳුදා (22) සිට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.

එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට ද නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවූ බවයි, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: