hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2024 ජූලි 07, පෙ.ව. 12:01



ගාලු පාර ඇතුළු කොළඹ මාර්ග කිහිපයක අද (07) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, බෝරා ප්‍රජාවගේ වාර්ෂික අධ්‍යාත්මික සමුළුව හේතුවෙන් බවයි පැවසෙන්නේ.

කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ සහ බම්බලපිටිය බෝරා ප්‍රජාවගේ දේවස්ථානයේදී මෙම සමුළුව අද (07) සිට ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, විවිධ රටවල සිට 15,000 ක පමණ පිරිසක් මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: