2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
මගී බස් රථ සහ අනෙකුත් වාහන කේන්ද්‍ර කර ගනිමින් අද (23) සිට දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
එම සැලසුමට අනුව පසුගිය දිනවල වැඩිවෙමින් පවතින මගී ප්‍රවාහන බස් රථ සහ අනෙකුත් වාහන සම්බන්ධ මාර්ග අනතුරු අවම කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම උත්සව සමය අවසන් වනතුරු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
මෙම කාලසීමාව තුළ මූලික අවධානය යොමුවන්නේ පොදු මගී බස් රථ පරීක්ෂා කිරීම සඳහා ය.
රියදුරන් බීමතින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන්නේ දැයි නිලධාරීන් මෙහිදී විශේෂයෙන් පරීක්ෂා කරනු ඇත.
මීට අමතරව, නොසැලකිලිමත් ලෙස, අධික වේගයෙන් ධාවනය කරන, මාර්ග නීති උල්ලංඝනය කරන හෝ නුසුදුසු ටයර් හෝ වෙනත් තාක්ෂණික දෝෂ සහිත බස් රථවලට එරෙහිව පියවර ගනු ලැබේ.
මෙම මෙහෙයුමට වෙනත් වාහන වර්ගද ඇතුළත් වේ.
මෙහෙයුම අතරතුර පැය 24 පුරාම නිරීක්ෂණ කටයුතු සඳහා රථවාහන නිලධාරීන් දිවයින පුරා යොදවනු ලැබේ.
මහජනතාවට 119 සහ 1997 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ බස් රථ සහ අනෙකුත් වාහන සම්බන්ධ උල්ලංඝනය කිරීම් ඇතුළුව අනාරක්ෂිත හෝ නොසැලකිලිමත් රිය පැදවීම් වාර්තා කළ හැකිය.
ඔවුන්ට අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය හෝ ඔවුන්ගේ කලාපවල නම් කර ඇති රථවාහන නිලධාරීන්ගේ ජංගම දුරකථන අංක ද සම්බන්ධ කරගත හැක.
තවද, මාර්ග නීති කඩකිරීම් හෝ වෙනත් වැරදි පිළිබඳ ඕනෑම වීඩියෝ සාක්ෂි ලබා දී ඇති සම්බන්ධතා අංකවලට WhatsApp හරහා යැවිය හැක.
පහත දුරකථන අංක ඒ සඳහා භාවිත කිරීමට හැකියාව ඇත.
ලැබෙන තොරතුරු අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය සහතික වේ.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24