hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 25, ප.ව. 6:10



කොළඹ සිට මඩකලපුව දක්වා අද (25) ධාවනය වූ දුම්රියක් විරෝධතාකරුවන් පිරිසක් විසින් නතර කර තිබෙනවා.

ඒ, මඩකලපුව ස්විස්ගම ප්‍රදේශයේදීයි.

දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් සිය ගම්මානයට පිවිසීමට අපහසු බව පවසමින් පිරිස මෙලෙස විරෝධය පළ කර තිබුණා.

පැය දෙකක පමණ කාලයක් දුම්රිය නතර කර තිබෙන අතර පසුව දුම්රිය මාර්ගයේ අදාළ කොටසට ගල් අතුරා සකස් කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් කර තිබෙනවා.