2023 දෙසැම්බර් 18, පෙ.ව. 12:08
            
දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය 2004දී ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදු වූ රුදුරු සුනාමි තත්ත්වයට සමාන බව හෙළිදරව් වෙයි.
2004 දෙසැම්බර් 26දා උඳුවප් පසළොස්වක පොහෝ දිනයදා මෙරට මුහුණ පෑ සුනාමි ව්‍යසනයෙන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ අතර එදින සඳු ග්‍රහයා ලංකා කේන්දරයේ මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරමින් සිටි දිනයක් විය.
එම නැකැත හිමි කුජ ග්‍රහයා සිකුරු, බුධ සහ ප්ලූටෝ යන ග්‍රහයන් සමඟ යෝගව දහවැනි භාවයේ ගෝචර වී සිටියේය.
කේතු ග්‍රහයා කුජගේ නැකැතක ගමන් කරමින් සිටියේය.
එදා තිබූ ඉහත කී ග්‍රහ පිහිටීම්වලට සාපේක්ෂව බලන විට මෙම 2023 වර්ෂයේ දෙසැම්බර් 26දාද උඳුවප් පුරපසොළොස්වක දිනයක් වීම විශේෂයෙන් කැපී පෙනේ.
එසේම එදින පවතින්නේ විෂ්ටිකරණයයි.
සඳු ග්‍රහයා එදා මෙන්ම ලංකා කේන්දරයෙහි මිථුන රාශියේ මුවසිරස නැකැතේ ගමන් කරයි.
කේතු ග්‍රහයා කුජට අයත් නැකැතක් වන සිත නැකැතේ ගමන් කරයි. කුජ සහ සිකුරු වෘශ්චික රාශියේ ගමන් කරයි.
මාස තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට ඇදහැලෙන වැස්ස මේ වන විටත් නැවතී නැත.
මධ්‍යම කඳුකරයේ කඳු කඩා වැටීම් නිතර වාර්තා වෙයි.
ලෝකයේ වෙනත් රටවලින්ද භූමිකම්පා වාර්තා වන තත්ත්වයක් පවතින බව සැලකිය යුතුවෙයි.
2004 වර්ෂයට සමානකම් කිව හැකි පරිද්දෙන් මෙම දෙසැම්බර් 26දා පවතින ග්‍රහ තත්ත්වය පිළිබඳව අපගේ අවධානය යොමු වීම වටී.
පාපකාරී ක්‍රියාවන්ගෙන් බැහැරව ධාර්මිකව ජීවත්වීමට මහජනතාවගෙන් බොහෝදෙනා උනන්දු වන්නේ නම් මෙවැනි කාල විපත්වලින් අත්මිදීමට හැකි බව පුරාණාචාර්යවරුන්ගේ ඉගැන්වීමයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
28-10-25
                                            28-10-25
28-10-25
                                            28-10-25
27-10-25
                                            27-10-25
27-10-25
                                            27-10-25