hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 8:06



සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිතතා දිනය” හෙටට (26) යෙදී තිබෙනවා.

2004 වර්ෂයේ සිදුවු සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5,000කට වැඩි පිරිසක් අතුරුදන් වුණා.

මේ, අතර හෙට දිනයේ පැවැත්වෙන සුනාමි සැමරුමට සමගාමීව සුනාමි අනතුරු පිළිබඳ දැනුම් දීමේ විශේෂ දුරකථන නාදමාලාවක් හඳුන්වාදීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව, හෙට දිනයේදී මෙම යෙදවුම දුරකථන සඳහා භාගත කළ හැකි අතර පසුව සුනාමි අනතුරක් පවතින  අවස්ථාවලදී දුරකථනවලට එම නාදය මගින් අනතුරු සංඥා නිකුත් කෙරෙනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: