hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04



පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

ඉන් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් සඳහන් කළාය.

වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන අතර දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට හේතුව බව විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් වැඩිදුරටත් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: