hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 13, ප.ව. 6:52



සියලුම උපකාරක පංති ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පැවැත්වීම සබරගමුව පළාත තුළ තහනම් කරන ලෙසත් එම පැනවු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

තවද ගුරුවරුන් තමා උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමටද ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දුන් බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසනවා.

දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ඉරිදා දිනවල පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති තහනම් කල බවත් එම නීති කඩකරන පුද්ගලයින් සොයා විමර්ශන ආරම්භ කරන බවද ප්‍රධාන ලේකම්වරයා පවසනවා.