hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 18, ප.ව. 2:01



පාස්කු ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමට උත්සහ නොකරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අවධාරණය කරන බව කොළඹ අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතු මැදට පැන ඊට බාධා නොකරන ලෙසයි, සිරිල් ගාමිණි පියතුමා සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතායි.

එම කමිටු වාර්තාව තමන් සතුවන බවත් වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කිරීමට සූදානම් බවට පසුගියදා ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: