hit counter

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි 25, පෙ.ව. 12:28



“ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා.”යනුවෙන් පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධ ද?

ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා. දැන් කවුරුහරි ගනේමුල්ලේ සංජීවට ගම්පහ උසාවියේ දී වෙඩි තබන්න හිටියනම් ඒ් වෙඩි තබන්න හිටියේ සංජීවත් එක්ක තිබෙන තරහකට මිස ගම්පහ උසාවියත් එක්ක තිබෙන තරහකට නොවේනෙ. එහෙමනම් ගම්පහ උසාවියේ තිබ්බ ඒ අවස්ථාව පොලීසිය නැති කරානම් අනිවාර්යයෙන්ම කොළඹට ගෙන එන ඊළග අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවා කියන එක තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන කොළඹ දී ගනේමුල්ලේ සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලන් ඉදලා තියනවා.

එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සහය වියර්ත වුනාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කල අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්ලතිවරයා ගැන විමර්ශනය කරන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ අවස්ථාව වලට තමයි.

සංජීව ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ඒ පිළිබඳ පියවර නොගැනීම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වහාම ප්‍රශ්න කළ යුතුයි. කාටද පුලුවන් පොලිස්පතිවරයා ප්‍රශ්න කරන්න?  පොලිස්පතිව ප්‍රශ්න කරන්න ඉන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. රවී සෙනෙවිරත්න මහතා. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරක් තමන්ට ලැබී දින 12ක් පුරා කිසිම පියවරක් නොගත් රවි සෙනෙවිරත්න මහතාට තමයි මේ වගකීම පැවරිලා තියෙන්නේ.  කකුළුවා පැටියාට කෙලින් යන්න උගන්වමින් කකුළුවා ඇදේට යනවනම් කවදාත් පැටියට කෙලින් යන්න ඉගෙන ගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා රවි සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සිටිනතුරු පොලීසියට තොරතුරු ලැබිලත් ඒ් පිළිබඳව කිසිවක් නොකරන පොලිස් ලෙඩේ නම් කවදාත් හොද කරලන්න ලැබෙන්නේ නෑ කියන ඒක අපි සිහිපත් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: