hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 මාර්තු 01, පෙ.ව. 1:43



අපි රට Rebrand කළා… ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු’ කියලා දැන් කියන්නෑ…! – මාලමා මන්ත්‍රී ඔෂානි උමංගා….

පසුගිය සමයේ මේ රටේ වටිනාකම් දෙස ඍණාත්මකව බැලුවද මේ වන විට ධනාත්මකව බලන තත්ත්වයට පත්ව ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා පවසයි.

“අපේ රට ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවතිනවා. අපි Rebrand වෙච්චි රටක් විදිහට ලෝකයේ අනිකුත් රටවල්වලට පණිවිඩයක් ගිහින් තිබෙනවා. අපට ලොකු වටිනාකම් පද්ධතියක් තිබුණා. පසුගිය කාලේ ඒ වටිනාකම් හරිම ඍණාත්මකව භාවිත වුණේ. නමුත් අද වෙනකොට ඒ වටිනාකම් ධනාත්මකව ගොඩනැඟිලා තිබෙනවා.

ලංකාවේ මිනිස්සු ගැන සිංදුවකුත් තිබුණා ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු’ කියලා. අද වෙනකොට ඒ version වෙනස් වෙලා, ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින් මිනිස්සු’ කියලා. මේ රටේ මිනිස්සු සහකම්පනයක් තියෙන මිනිස්සු. මේ රටේ මිනිස්සු රට Rebuild කරන්න උත්සාහ කරන මිනිස්සු. අපි ගැන තියෙන මතය දැන් ගොඩක් possitive වෙලා ලෝකෙට ගිහින් තියෙනවා.”

ඔෂානි උමංගා මේ බව ප්‍රකාශ කළේ ස්වාධීන රූපවාහිනයේ වැඩසටහනකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: