hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 09, ප.ව. 1:38



පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවා දිවි නසා ගැනීමට තැත් කිරීමේ හේතුව අනාවරණය වී ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව පසුගිය හත්වැනි දා එම සිසුවා එහි ගොස් තිබෙනවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුට පහර දී ජංගම දුරකථනයද ඔවුන් භාරයට ගෙන ඇත.

පසුව විමර්ශන නිලධාරීන් විසින් ඔහුට නැවත විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව නොදෙන බවත් ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බවද පවසා තර්ජනය කර ඇති බව පේරාදෙණිය රෝහලෙහි ප්‍රතිකාර ලබන සිසුවා පේරාදෙණිය පොලීසියට පවසා තිබෙනවා.

එම හේතුව නිසා කලකිරීමට පත්වූ හෙයින් සිය දිවි හානිකර ගැනීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.

මෙලෙස සිය දිවි හානි කරගැනීමට තැත් කර ඇත්තේ විසිපස් හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි.

Example Image