2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:04
පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කරයි.
මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ,
“සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඊළග මැතිවරණ වලට එකමුතුව එකම ලැයිස්තුවෙන් ඉදිරිපත් වෙන්න ඕන කියන අදහස විවාදයක් නැති කාරණයක්.”
“පළාත් සභා මැතිවරණය රටට අවශ්‍යයි, ජනතාවට අවශ්‍යයි. ජනතාවගේ මුදල් සාධාරණව වියදම් කිරීම සඳහා මහජන නියෝජිතයින්ගේ සහාය අත්‍යවශ්‍යයි.
එනිසා පළාත් සභා එනවා. පළාත් සභා සඳහා අපි සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් නිසැක ලෙසම එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.”
“මම හිතන්නේ දික්කසාද වීමේ ගැටලුවක් මතු වෙන්නේ නෑ. අපි අතර තිබුණ ගැටලු සමහර ඒවා කාලයත් එක්ක විසදිලා තියෙනවා.
එකමුතු වීමේ වැදගත්කම මේ රටේ පක්ෂ පාට භේදයක් නැතිව හැමෝම දකුණේ දේශපාලන බලවේගය එකතු විය යුතුයි කියන තැන ඉන්නවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී අජිත් පී පෙරේරා මේ බව සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25