hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41



ඉන්ධන ගැටළුව හේතුවෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීමත් සමඟ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත බාහිර ප්‍රදේශවලින් පැමිණෙන ගැණුම්කාර වෙළෙඳුන්ගේ පැමිණීම සීමා වී ඇත.

මේ හේතුවෙන් එළවළු වර්ග රැසක තොග මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.

  • රාබු: කිලෝවක මිල රුපියල් 30 ත් 40 ත් දක්වා පහත බැස ඇත.
  • ගෝවා: තොග මිල රුපියල් 50 – 80 ත් අතර අගයක් ගනී.
  • මුකුණුවැන්න සහ කංකුං: පලා වර්ග මිටියක මිල රුපියල් 45 ක් දක්වා අඩු වී තිබේ.
  • බීට්රූට්: කොළ සහිත බීට් කිලෝවක් රුපියල් 60 – 85 ක මිලකට අලෙවි වේ.
  • වට්ටක්කා: කිලෝවක මිල රුපියල් 75 – 80 ත් අතර සීමා වී ඇත.

වෙළඳපොළේ පවතින උදාසීන ස්වභාවය හේතුවෙන් ලීක්ස් කිලෝවක් රුපියල් 100 – 130 කටත්, නෝකෝල් රුපියල් 70 – 100 කටත් මිල නියම වී තිබේ.

අර්තාපල් මිල ගණන් සැලකීමේදී වැලිමඩ අර්තාපල් රුපියල් 200 – 240 ත්, ආනයනික අල රුපියල් 175 ක් ලෙසත් අද දින පෙරවරු 10.30 වන විට සටහන් විය.

ඉන්ධන හිඟය නිසා ලොරි රථ ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් පිටස්තර ප්‍රදේශවලින් වෙළෙඳුන් නොපැමිණීම තම ව්‍යාපාර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්, මේ නිසා ලැබෙන අස්වැන්න පවා විකුණා ගැනීමට නොහැකිව ගොවීන් පත්ව ඇති අසරණ තත්ත්වයත් ආර්ථික මධ්‍යස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: