hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 28, ප.ව. 1:54



ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල් ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා තිබුණා.

වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 65ත් 75ත් අතර මිලකටත්, ආර් එස් මෝටර් රථයක් ලක්ෂ 80ත් 100ත් අතර මිලකටත්, වෙසෙල් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 165ත් 200ත් අතර මිලකටත් අලෙවි කිරීමට හැකි වනු ඇති බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: