hit counter

2025 මාර්තු මස 08 වන සෙනසුරාදා

2023 මැයි 12, ප.ව. 12:44



පළාත් 9යේම වාහන සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස තමන් විගණකාධිපතිගෙන් ඉල්ලීමක් සිදු කළ බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළා.

ඒ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“පළාත් සභාවක ප්‍රධාන ඇමතිවරයා එක්ක ඇමතිවරු පස් දෙනෙක් ඉන්නවා. සභාපතිවරයෙක් ඉන්නවා. උප සභාපති කෙනෙක් ඉන්නවා. ආණ්ඩු පක්ෂේ සංවිධායක කියලා ඉන්නවා. මේ ඔක්කොටම වාහන දීලා තිබුණා. අවමය පළාත් නමයේ වාහන 225ක් තිබුණා. ඒ පනස් නමයෙම හිටපු රාජ්‍ය සේවකයින්ටත් වාහන තිබුණා. පළාත් සභාව විසුරුවා හැරිච්ච ගමන්ම අර වාහන ටික අරගෙන වෙන කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ ටික පැත්තකින් තියලා. පෙළක් අය දෙක ගානේ පාවිච්චි කරනවා කියලා අපට හම්බෙලා තියෙනවා. එතකොට මම විගණකාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා පළාත් නමයෙම විගණනයක් කරන්න කියලා මේ වාහන අවභාවිතා කරාද කියලා.

පස් අවුරුද්ද වෙච්චි පළාත් සභා තියෙනවා. ඒ අවුරුදු පහ දේශපාලනඥයෝ නැතුව හිටියා නම්, දැන් දේශපාලඥයන්ට බනිනවනේ. ඉතින් අවුරුදු පහකදී ඒ පළාත හොඳම තැනකට එන්න එපැයි. හැබැයි එහෙම සේවයක් වෙලා නැහැ. ඒක නිසා පළාත් පාලන ආයතන 340, සභාපතිවරු පාවිච්චි කරපු වාහන 340ම, අපි කියලා තියෙන්නේ රෙපෙයාර් කරලා සංචිතය තියන්න. නැත්නම් මේ පළාත් සභාවල වෙච්චි වාහන වලට වගේම,ප්‍රාදේශීය සභාවේ තිබ්බට පස්සේ අපට, ආපහු වාහන තුන්සිය හතලිහක් ගෙනල්ලා දෙන්න වෙනවා.”






ලංකා බැංකුවෙන් හඳුන්වාදෙන වාර්ශික පොලිය 7% සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ගැන දැන ගන්න. අදම ලියාපදිංචි වෙන්න.

Close