hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 මැයි 30, ප.ව. 6:03



පළාත් පාලන ආයතන විසුරුවා තිබියදි නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා තම පෞද්ගලික කටයුතු සදහා ප්‍රාදේශිය සභාවේ කැබ් රථය භාවිතා කරන බව බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් කියා සිටිනවා.

එම ප්‍රාදේශිය සභාවට අයත් PA-7017  අංක දරණ කැබ් රථය රියදුරා සමග ඔහුගේ පෞද්ගලික කටයුතු සදහා සහ බගවන්තලාව ආරියපුර ගම්මානයේ පිහිටි ඔහුගේ නිවසට අවශ්‍ය භාණ්ඩ එම කැබ් රථයෙන් ප්‍රවාහනය කරන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රවී කුලන්දවේල් මහතා පෙරේදා (28) බගවන්තලාව කොටියාගල වතුයායේ අවමංගල උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව බගවන්තලාව නගරයේ පිහිටි සුපිරි වෙලදසැලකට පැමිණ තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන අයුරු ජංගම දුරකථනයක පටිගත වි තිබුණා.

අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයාගෙන් කරුණු විමසිමට උත්සහ කලද එය ව්‍යාප්ත වුණා.