hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 15, පෙ.ව. 2:19



මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් ගේ උදව් උපකාර ඇතිව කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ ව්‍යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පදවා ගෙන යමින් සිටි ජීප් රථය ද පොලිස් භාරයට ගෙන සිදුකළ සිදු කළ පරික්ෂාවේදී එයද කොටස් එකලස් කර තනා ව්‍යාජ ලිපි ලේඛන මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරමින් ලියා පදිංචි කර තිබූ එකක් බවට අනාවරණ වූ බව පොලිසිය පවසන්නේ.

. පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ කඩවත ගනේමුල්ල පාරේ කසුන් මාවත අසල දී බව පොලිසිය පවසනවා.

අනතුරුව එම ප්‍රදේශයේම පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී කොටස් එකලස් කරන ලද වාහන වලට සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400 කට පමණ කූට ලේඛණ සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලියා පදිංචි කර විකුණා ඇති බවට අනාවරණය වූ බවත් ඊට අමතරව එම ජාවාරම සඳහා යොදාගත් ව්‍යාජ ලිපි ලේඛන සහ ලිපි ශීර්ෂ රබර් මුද්‍රා සොයාගැනීමට හැකිවූ බවත් පොලිසිය පැවසුවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්, ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පුද්ගලික ආයතන වලට අයත් ලියාපදිංචි සහතික ,ආදායම් බලපත්‍ර, ධාවනයෙන් ඉවත් කරන ලද වාහන වලට විකුණු බවට සහතික ලද ව්‍යාජ ලේඛන, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්, පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල ප්‍රමාණයක්, රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්, රක්ෂණ සමාගම් වලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත එම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ අනෙකුත් පිරිස සොයා විමර්ශන සිදුකරන බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.