hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 21, ප.ව. 4:31



ජනාධිපතිවරයා ගමන් ගන්නේ යැයි පැවසෙන රථ පෙළක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එම රථ පෙළට විවිධ වර්ගවලට අයත් ආරක්ෂක යතුරුපැදි සහ රථ 20ක් පමණ ඇතුලත් වෙනවා.

එසේම රථ පෙළෙහි ගිනි නිවන රථයක් සහ ගිලන් රථ දෙකක් සහ කැරවෑන් රථයක්ද ඇතුළත් වෙනවා.

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකුට සැලකිව යුතු ආරක්ෂාවක් ලබාදෙනු ලබනවා.

කෙසේවෙතත් මෙම රථ පෙළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් සහ විවේචන පළව තිබෙනවා.