2023 පෙබරවාරි 08, පෙ.ව. 6:15
ජනාධිපති කාර්යාලය නමින් මෝටර් රථ ප්රවාහන දේපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබු වාහන 56ක් එම කාර්යාලයේ නොමැති අතර එම එම වාහන සම්බන්දයෙන් විධිමත් පරික්ෂාවක් ද සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුනා.
එමෙන්ම මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරුකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.
එසේ කාර්යාලයේ නොතිබු එම වාහන සම්බන්දයෙන් විධිමත් පරික්ෂාවක් කළ බව තහවුරු කිරිමට ප්රමාණවත් සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.
එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිර සහ ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ වෙනත් පුද්ගලික නම්වලින් වාහන 45ක් ලියාපදිංචිකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වනවා.
ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්රමවේදයක් හඳුන්වාදිම සහ එය අධික්ෂණය කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇති බව සඳහන්.
ජනාධිපති ලේකම් නමින් ලියාපදිංචිව ඇති වාහන පිළිබඳ තොරතුරු කැඳවිම් කර පොලිස්පති වෙත ලිපි යොමුකර ඇති බවත් මේ පිළිබඳ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් සමග සාකච්ඡා කරමින් පවතින බවත් ප්රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබෙනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56