2023 පෙබරවාරි 11, පෙ.ව. 7:19
මාර්ග අළුත්වැඩියාව සහ නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් වාහන අබලන්වීම ඉහළ ගොස් ඇති බව මගී ප්‍රවාහන සංගම් පවසනවා.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මාර්ග අළුත්වැඩියා කටයුතු සහ නඩත්තු මේ වනවිට නතර වී ඇති අතර, රිය අනතුරුද ඒ හේතුවෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වාහන අමතර කොටස් මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ බස් රථ නිරන්තරයෙන් අළුත්වැඩියා කිරීමට සිදුව ඇති බවයි.
එමඟින් බස් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08