2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:11
ඉදිරි වර්ෂයේදීද වාහන ආනයන ලිහිල් කිරීමේ සිය ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කරමින්, එමගින් ආදායම් ඉහළ නැංවීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කරන බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
කෙසේ වෙතත්, දැනට සකස් කරමින් පවතින ලබන වසරේ අයවැය තුළදී වසර පහක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර දීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමක් සලකා බැලීමට අපේක්ෂා නොකරන බව වාර්තා වේ.
රුපියල් බිලියන 550 ක ආදායමක් ලබන වසරේදී වාහන ආනයනයෙන් අපේක්ෂා කරන අතර, මේ වසරේදී එම ආදායම රුපියල් බිලියන 650 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී වාහන ආනයනයට පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් අනතුරුව මේ දක්වා රුපියල් බිලියන 450 කට අධික බදු ආදායමක් වාහන ආනයනවලින් ලැබී ඇත.
ලබන වසරේ අයවැය සකස් කිරීම අවසන් අදියරට ළඟා වෙමින් පවතින බැවින්, වත්මන් බදු සංශෝධනය කිරීමේ සම්භාවිතාව අඩු බව නිලධාරීහු පවසති.
අපනයන-නැඹුරු ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බැවින්, මෙම අයවැයෙන් අපනයනකරුවන් සඳහා දිරිගැන්වීම් ද පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
මේ වසරේ රුපියල් බිලියන 229 ක් වූ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන සඳහා වන ප්‍රතිපාදන, ලබන වසරේදී රුපියල් බිලියන 240 ක් දක්වා වැඩි කිරීමට නියමිතය. ඊට අමතරව, ධීවර, කෘෂිකාර්මික හා තේ යන ක්ෂේත්‍ර සඳහා ද අයවැයෙන් දිරිගැන්වීම් ලැබීමට අපේක්ෂා කෙරේ.
මේ වසරේ සිට අදියර වශයෙන් ක්‍රියාත්මක වන ලබන වසරේ වැටුප් සංශෝධනය සඳහා රජයට අමතර වශයෙන් රුපියල් බිලියන 100 ක පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙවර අයවැය සකස් කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට අනුකූලවය.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25