hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 22, ප.ව. 7:14



අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) අවසන් ගෞරව දැක්වූවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ බෝධිමළුව විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර එහි තබා තිබූ ශෝක සටහන් පොතේ සටහනක් ද තැබුවා.

අනතුරුව රුවන්වැලි සෑය විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා, නා හිමි ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳව ද සොයා බලා තිබෙනවා.