hit counter

2025 ජනවාරි මස 05 වන ඉරිදා

2024 නොවැම්‍බර් 18, ප.ව. 2:38



සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිත දෙකක් වන අනූ සහ කනූ නැමැති නිවුන් සහෝදරියන් දෙදෙනා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔවුන්ගේ බව සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහායි ඔවුන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ.

එම පැමිණිල්ල සිදුකිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි මෙම නිවුන් සහෝදරියන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉතා සංවේදී වෙමින් මාධ්‍ය වෙත අදහස් පළකර සිටියා.

“අද අපි දෙන්නා සී.අයි.ඩී එකට ආවා. ඊයේ රෑ ඉඳන් අපි දෙන්නාගේ නම් සඳහන් කරලා වීඩියෝවක් ශෙයාර් වනවා. AI එඩිට් එකක්. ඇත්තටම මීට කලිනුත්, AI එඩිට් එකකින් වීඩියෝ එකක් ශෙයාර් වුණා. ආයේ ආයෙත් ඒ කණ්ඩායමම මේ පහත් වැඩේ කරනවා.

ගිය සැරේ නම් ඇත්තටම අපි මේක නොසලකා හැරියා මොකද ඒකට ෆේස් කරන්න තරම් හිතේ හයියක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. දැන් ප්‍රෙෂර් එක වැඩියි. ඒ නිසා අපි දෙන්නාට සිද්ධ වුණා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. හැබැයි සී.අයි.ඩී එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා අපිට.

කණ්ඩායමක් මේ වෙද්දී හඳුනගෙන තියෙනවා. ඒ ගොල්ලන්ව අත්අඩංගුවට ගන්න දැනටමත් ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. හැබැයි තවදුරටත් මේ වීඩියෝව ශෙයාර් කරන අය සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග හෙට ඉඳන් ඒගොල්ලෝ ගන්නවා.

ඉතිං මට ඉල්ලන්න තියෙන්නේ, ගැහැණු ළමයින්ට මේ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම ගැහැනු ළමයින්ට මේක ලොකු ප්‍රෙෂර් එකක්. හරිම අමාරුයි. ඇත්තටම ඒක හරිම අමාරුයි දරාගන්න. කිසිම ගැහැණු ළමයෙක්ට මේ දේ කරන්න එපා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: