hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:02



කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූවේ කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ  රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සංවිධානයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා නොමැති බවයි.

විවිධ පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදුකර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒවා සැලකියයුතු කාරණා නොවන බවද සඳහන් කළේය.

එමෙන්ම එවැනි ප්‍රකාශයන් සිදුකල දෙදෙනාගෙන් එක් අයෙකු එවැනිම චෝදනා සහිත අයෙකු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට තුළ නීතිය එකහා සමානව ක්‍රියාත්මක වෙන බවට ජාත්‍යන්තරය මේ වනවිට නිරීක්ෂණය කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලසීමාවේදී ශ්‍රී ලංකාව තුළ නීතිය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවට ප්‍රකාශ කළද වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: