2024 මැයි 29, පෙ.ව. 12:02
විරංජිත් තාබුගල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ඔහුගේ නීතීඥයින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් තම සේවාදායකයාගෙන් රුපියල් කෝටි 30ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවයි.
කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විරංතිත් තාබුගල වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ මෙම අනාවරණය සිදු කර ඇත.
දැනට රහස් පොලිස් සේවයේ සිටින සහ විශ්රාම ගොස් සිටින නිලධාරීන් පිරිසක් විසින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බවත්, මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්රකාශයක් කිරීමටද අවසර ඉල්ලා ඇති බවත් විරංජිත් තාබුගල මහතාගේ නීතිඥවරයා පැවසුවා.
මුලින් ඉල්ලා සිටි කෝටි 30 ක කප්පම් මුදල පසුව කෝටි 5 දක්වා අඩු කළ බවත් ඉන් කෝටි 2ක් රහස් පොලිස් නිලධාරීන් විසින් අත්තිකාරම් වශයෙන් ලබාගෙන ඇති බවත් නීතිඥවරයා එහිදී පැවසූ බව වාර්තා වෙනවා.
මේ සම්බන්ධයෙන් රහස්ය ප්රකාශයක් ලබාදීමට තම සේවාදායකයාට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඔහු විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් අධිකරණය විරංජිත් තාබුගලට ඇප නියම කළ අතර ජූලි 24 වැනිදා නඩු කටයුතු යලි ආරම්භ කරන ලෙසද නියෝග කළා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:54
2024 දෙසැම්බර් 20, ප.ව. 5:48
2024 දෙසැම්බර් 20, ප.ව. 4:20
2024 දෙසැම්බර් 20, ප.ව. 1:19
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:21