2023 මැයි 22, ප.ව. 5:22
හැටන් කොටගල පතන ශ්‍රි පාද විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසු සිසුවියන් 92 දෙනෙකු සෙම්ප්‍රතිස්සාව, කැස්ස සහ උණ රෝගී ලක්ෂණ සහිතව තම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් බව කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවා.
ඉන් වැඩි පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් තවත් ගුරු අභ්‍යාසලාභින් 10දෙනෙකු තම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරිය කියා සිටියේ.
ශ්‍රි පාද විද්‍යා පිඨයේ පැතිර යන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කල බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනිය පැවසුවා.
අප මේ සම්බන්ධයෙන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ශ්‍රි පාද විදයා පිඨයේ පැතිර යන වෛරසය සම්බන්ධයෙන් අද (22) එම විද්‍යා පිඨයට ගොස් පරික්ෂණයක් සිදු කල බවත්, කොටගල ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලැබු ගුරු අභ්‍යාසලාභින් කිහිපදෙනෙකුගෙන් රුධිර සාම්පල් ලබාගත් බවත්, ප්‍රතිකාර ලබාගත් ගුරු අභ්‍යාසලාභින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03