hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 03, පෙ.ව. 12:02



ඕස්ට්‍රේලියාව විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ විදෙස් සිසුන් සඳහා ශිෂ්‍ය වීසා ගාස්තු දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීමටයි.

ඒ සංක්‍රමණිකයින් හේතුවෙන් ඕස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළ වෙත මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින් ය.

මෙය සංක්‍රමණ පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ නව තීරණයක් ලෙස සඳහන් වෙනවා.

ඒ අනුව 2024 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර සිසුන් සඳහා ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  වාර්තා වේ.

එය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 1,068 ක් පමණ වේ.

තවද, මේ වන විට සංචාරක වීසා සහ තාවකාලික උපාධි වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින්නන් හට ශිෂ්‍ය වීසා අයදුම් කිරීමේ හැකියාවද තහනම් කර ඇත.

එමෙන්ම, මෙම ගාස්තු වැඩිවීමත් සමඟම ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා වන ගාස්තුව එක්සත් ජනපදය, කැනඩාව වැනි තරඟකාරී රටවලට වඩා ඉහළ මිලක් වනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: