2026 පෙබරවාරි 11, ප.ව. 12:09
පැලවත්ත යන වචනය කැත විදිහට භාවිත නොකරන ලෙසත් කිසිවෙකුගේ කළු කුමාර දිෂ්ටියක් තමන්ට නොමැති බවත් කොළඹ පුරපතිනි ව්රායි කැලී බල්තසාර් පවසයි.
“පැලවත්ත කියන වචනය මේ සභාවේ දිගින් දිගටම කියනවා. අපේ දේශපාලනය වෙනස්. මම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මේ ආසනයට ආපු කෙනෙක්. මම ගන්නේ මගේ මන්ත්රිවරු 48 දෙනා සහ අපට සහාය ලබා දෙන මන්ත්රිවරු සහ මේ හැම දෙනාගෙම පැත්තයි.
හැබැයි මගේ දේශපාලනය වෙනස් වෙන්නේ නැහැ. අපට තියෙන්නේ මතයක්. ඒ මතය තමයි ඉදිරියට ගෙනියන්නේ. පැලවත්ත කියන වචනය කැත විදියට පාවිච්චි කරන්න එපා. කාගෙවත් කළු කුමාර දිෂ්ටියක් මට නැහැ. හැබැයි මෙතන වැඩ කරනකොට සමහර වෙලාවට ආවේගශීලි වෙනවා.”
පුරපතිනිය එලෙස ප්රකාශ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රි රෝයි බෝගහවත්ත විසින් පුරපතිනි සභාවේ වැඩකරන්නේ පැලවත්තේ කළු කුමාර දිෂ්ටිය වැසී බවට සිදුකළ ප්රකාශයට පිළිතුරු වශයෙනි.
2026 පෙබරවාරි 11, ප.ව. 1:33
2026 පෙබරවාරි 11, ප.ව. 12:13
2026 පෙබරවාරි 11, පෙ.ව. 11:53
2026 පෙබරවාරි 11, පෙ.ව. 10:31
2026 පෙබරවාරි 11, පෙ.ව. 9:50