2026 ජනවාරි 29, පෙ.ව. 12:34
නීතිපතිවරයා නීති කටයුතු කඩිනමින් සිදු කිරීමට මැදිහත් නොවන බව පවසමින් නීතිපතිවරයා සම්බන්ධයෙන් විවේචන රැගෙන එන පිරිස් තමා දන්නා බවත්, ඔවුන් එවැනි ආකාරයට කන්ටේනර් 323 සිද්ධිය හෝ බාල ගල් අඟුරු වැනි සිදුවීම් සම්බන්ධයෙන් උද්ඝෝෂණ නොපවත්වන බවත් සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, පෞද්ගලික නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරයි.
ඔහු චෝදනා කරන්නේ, කන්ටේනර් 323 සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ඇතත් එම වාර්තාවට අදාළව දඬුවම් නොකරන්නේ ඇයිද යන්න වග ඔවුන් නොවිමසන බවයි.
ඔවුන් ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිස් බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව සිරගත කරන ආකාරය, සිරගත කරන දිනය ආදි කරුණු පවා ඔවුන් සිය යූටියුබ් ඔස්සේ පවසන බවත් ඔහු සඳහන් කරනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ,
” මේ සරලව කියන්නේ රනිල් වික්‍රමසිංහව ඇතුලට දාන්න කියලනේ. ඔය ගොඩක් අයගේ ප්‍රෝගෑම් බැලුවොත් එයාලා කියාගෙන කියාගෙන යනව රනිල් ගන්න කියනවා, රනිල්ව ගන්න විදිහ කියනවා, නීති හදනවා, ඔය යූටුබර්ස්ලා නඩු අහලා තීන්දු දෙනවා යූටියුබ් හරහාම මෙන්න මෙහෙමයි නඩු දාන්නේ, හිරේ දාන්නේ, අහවල් දවසේ හිරේ දාන්න ඕනේ වගේ දේවල්.”
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
2026 ජනවාරි 29, පෙ.ව. 12:12
2026 ජනවාරි 29, පෙ.ව. 12:11
17-01-26
17-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
25-12-25
25-12-25
20-11-25
20-11-25
17-10-25
17-10-25
02-10-25
02-10-25
11-09-25
11-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
13-08-25
13-08-25
13-08-25
13-08-25