hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 9:10



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආවස්ථාව වන තෙක් සිදුවීම් සියල්ල ඝාතන සැලැස්ම සිදු කළේ යැයි කියන ඩුබායි රටේ සැගව සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙසේ සිය ජංගම දුරකතනය හරහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය ඔහු සජීවිව නරඹා ඇති බවයි වාර්තා පැවසෙන්නේ.

මේ අතර,බොරැල්ල පොලිසිය පවසන්නේ, ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් නොකරන ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බවයි.

විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර ඇත.

ඒ අනුව අදාළ මල්ශාලාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.

මේ අතර අදාළ සිද්ධිය හේතු කොටගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ ද ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: