hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2024 ජූලි 17, ප.ව. 12:32



සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කල්බ් වසන්ත ඝාතනය සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ මාකඳුරේ මදුෂ්ගේ මුදල්වලට ඉව අල්ලන පුද්ගලයෙක් නිසා බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා අවධාරණය කර සිටිනවා.

මෙම පුද්ගලයා ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක් බවත් ඔහු දකුණේ අයෙක් බවත් කීර්ති රත්නායක මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

මාකදුරේ මධුෂ්, කංජපානි ඉම්රාන්, ක්ලබ් වසන්ත යන තිදෙනාම දකුණේ පුද්ගලයන් බවද පවසන ඔහු මෙම ඝාතනය මහා ධනස්කන්ධයක් අත්පත් කර ගැනීම සඳහා සිදු කරන ලද සැලසුම් සහගත ඝාතනයක් බවයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මෙම විශේෂ හෙළිදරව්ව සිදු කළේ, අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: