hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 19, පෙ.ව. 12:02



අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අමාත්‍ය ටිරාන් අලස් මහතා කියා සිටියේ, අදාළ පුද්ගලයා රට වටේ ණය වූ අයෙකු බවයි.

එමෙන් ම මිය යනවිට දුගීබාවෙන් ජීවත් වූ බව ද සඳහන් කළා.

ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවට හැඟවෙන වීඩියෝ පට සමාජ මාධ්‍යවල හුවමාරු වුණා.

කෙසේ වෙතත් සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වී රටටම ණය වී ඇති බවයි.

මේ අතර ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටැටු හිමිකරුගේ කටඋත්තරය මාධ්‍යට ලබා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද ටිරාන් අලස් මහතා කියා සිටියා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් පමණක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

“අතුරුගිරිය සිද්ධියේ, මට වැඩි විස්තර කියන්න බැහැ. අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරගෙන තියෙන්නේ. මම හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඒකට සම්බන්ධ වෙලා, ප්ලෑන් කරපු සියලු දෙනාව අත්අඩංගුවට අරගෙන ඉවරයි.

මම දන්න තරමින් එයා දිගින් දිගටම ක්ලබ්ස් කෙරුවා. ඒ වෙලාවේ සල්ලි තිබුණා. අපිට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටපු පුද්ගලයෙක් කියන තොරතුරු තමා විමර්ශනවල දී එළියට ඇවිත් තියෙන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: