hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 පෙබරවාරි 02, ප.ව. 8:29



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් පවතින නෛතික විධිවිධාන අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පොල්සි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වරදවල් සම්බන්ධව වසන්ත කුමාර යන අය බී80303/01/22 යන නඩු අංකය යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරූ අතර, එහි විමර්ශන ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලැබූ බවයි.

කෙසේවෙතත් එම නඩුව ජනවාරි මස 31 වැනි දින කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ නියෝගය වූයේ සැකකරුව නිදහස් කරන ලෙසටයි.

එම නඩු තීන්දුව සම්බන්ධයෙනුයි පොලිසිය විසින් නීතිපතිගෙන් මෙම අභියාචනය සිදු කර ඇත්තේ.