hit counter

2025 ජූලි මස 16 වන බදාදා

2025 ජූලි 16, ප.ව. 1:19



සමාජ ජාල වල මහත් ආන්දෝලනයක් ඇතිකළ රටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ප්‍ලග් බේස් එක බැගින් ලබාදීමේ ටෙන්ඩරය අවලංගු කිරීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අදාල ටෙන්ඩරය 23323 වසරේදී අරමුණ ලද ඇරඹූ එකක් බවද හෙතෙම සඳහන් කළේය.

කිසියම් සමාගමකට ප්‍ලග් බේස් ටෙන්ඩරයක් අරන් දීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බවත් එවැන්නක් සිතන්නටවත් එපා යයිද ඔහු සඳහන් කළේය.

සිරස නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

ඊට ප‍්‍රතිචාර ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ මහතා කියා සිටියේ මෙම ටෙන්ඩරය 2023 වසරේ කැඳවන ලද්දක් නොව මෙම 2025 වසරේදීම කැඳවන ලද එකක් බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ සාකච්ඡාවක් මතු නොවුණේ නම් ටෙන්ඩරය අවලංගු නොකර ඉදිරියටම පවත්වාගෙන යාමට ද තිබූ බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.