hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මාර්තු 25, පෙ.ව. 4:16



අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

මේ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනවා.

ඒ අනුව පෙරවරු 11.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ දී එම ප්‍රදේශ වල ජල සැපයුමට බාධා එල්ල වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.