2023 අගෝස්තු 17, පෙ.ව. 2:07
දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවා.
අප දේශගුණ කාලගුණ විපර්යාස පැමිණෙන බව දැන දැනත් ඒවාට කිසිදු පියවරක් නොගන්නා ජාතියක් බවත් දේශපාලනය මේ පිළිබඳව දක්වන නොසැලකිලිමත්භාවය ගැටලුව උත්සන්න කිරිමට හේතුවූ බවත් ඇය සඳහන් කළා.
ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදුවන බවද මහාචාර්යවරිය කීවා.
කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ආකාරයට පරීක්ෂණ සිදු නොවන බව පැවසූ විතානගේ මහත්මිය මෙවැනි ආපදා හරියාකාරව අර්ථ දැක්වීමට නොහැකිවී ඇත්තේ ඒ හේතුවෙන් බවද ප්‍රකාශ කළා.
දේශගුණ කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට රටේ කිසිදු සැලසුමක් නැති බවත් දේශපාලනයටද ඒ පිළිබඳව වගවීමක් නැති බවත් ඇය සඳහන් කළා.
මේ අර්බුද අර්බුදයෙන් මිදීමට නම් ලංකාවේ ජලය කළමනාකරණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පැවසූ මහාචාර්යවරිය වාපී ශිෂ්ටාචාරයක් පවතින ශ්‍රී ලංකාවට එය අපහසු කටයුත්තක් නොවන බවද ප්‍රකාශ කළා.
අහසින් වැටෙන ජලය එකතු කර ගැනීමට උත්සාහ ගත යුතු බවත්එසේ නොකළ හොත් අනිවාර්යයෙන්ම පානීය ජලය ගැටලුවක් මතු වන බවත් ඇය කීවා.
විශේෂයෙන්ම වියළි කලාපයේ ජල ගැටලුවක් පවතින බව පැවසූ විතානගේ මහත්මිය සමහර ප්‍රදේශවල ජලයේ කඨිනතාව ලවණතාව ෆ්ලෝරයිඩ් වැඩි මට්ටමක පවතින බවත් පැවසුවා.
මේ ගැටලු හරියට කළමනාකරණය කර නොගත්තොත් ඉදිරියේදී ජනතාවට ලොකු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21