hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2025 නොවැම්‍බර් 07, පෙ.ව. 12:02



අද (07) දින මීගමුවේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පෙරියමුල්ල, ඒත්තුකාල, කුඩාපාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කලේ මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුකිරීමට සිදුවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: