hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මැයි 08, පෙ.ව. 7:58



කොළොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට අද (08) දිනයේ පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළොන්නාව නගරසභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, අතුල්කොට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාල දක්වා වු ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගයන් හි ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළා.

ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් සිදුකරනු ලබන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළොන්නාව පොම්පාගාරය වෙත සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව සඳහන්.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් අවශ්‍ය පරිදි ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අදාළ ප්‍රදේශයන් හි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.