hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 26, පෙ.ව. 12:29



අද (26) පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා ප්‍රදේශ රැසක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදනය ක්‍රමයේ පූගොඩ තුළුමගෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනවා.

ඒ අනුව අද දිනයේ පූගොඩ, කිරිඳිවෙල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර
ඌරාපොල, අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම කප්පාදු කිරීමට නියමිතයි.