hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මාර්තු 04, පෙ.ව. 3:43



හෙට දිනයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවත් නැගෙනහිර, ඌව, උතුරු මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.